(අජන්ත කුමාර අගලකඩ)
මධ්‍යම පළාත් සභාව නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරයකුද, හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමින් ආසන සංවිධායක ධුරයෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමින් ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මධ්‍යම පළාත් සභාවේ යෞවන කටයුතු හා ක්‍රීඩා ඇමැති ධුරයෙන් ඉකුත් අඟහරුවාදා (25) ඉවත් විය.
හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන රෝහණ දිසානායක මහතා ද ඉකුත් බදාද (26) මාතලේ ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්විය. ඉදිරි දින කිහිපයේ දී ආසන සංවිධායක ධුරයෙන් ඉවත්වීමට සූදානම් වන පළාත් සභා මන්ත්‍රීවරයා පළාත් සභාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු බවද පැවැසේ.