ජනපති අලුත් ව්‍යවස්ථාවක් හදයි


 

(අජන්ත කුමාර අගලකඩ) 
ජනමත විචාරණයකට නොගොස් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කර ගත හැකි ව්‍යවස්ථා සංශෝධන යෝජනා පිළිබඳව කෙටුම්පතක් සකස් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නීති විශාරදයින්ට දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 


ජනාධිපතිවරයා ඉකුත්දා මහ ඇමැතිවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදීද මේ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කර ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ. 


රට බෙදන ව්‍යවස්ථාවක් සකස් කර ඇති බවට ඇතැමුන් චෝදනා කළද ව්‍යවස්ථා කෙටුම්පතක් හෝ තවමත් සකස් කර නැතැයි ජනාධිපතිවරයා එහිදි ප්‍රකාශ කර ඇත. 


රට බෙදීමට හෝ ෆෙඩරල් ක්‍රමයක් ඇති කිරීමට තමා ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.