මහවැලි අධිකාරිය කියයි
ජල විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා මහවැලි ජලාශ තුළ අතිරික්ත ජලය තමන් සතුව නැතැයි මහවැලි අධිකාරිය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
අධිකාරිය සඳහන් කර ඇත්තේ අපේක්ෂිත වර්ෂාපතනය නොමැතිවීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවය. මේ හේතුවෙන් විදුලිය නිෂ්පාදනයට සහ වගා කටයුතුවලට අතිරික්ත ජලය සැපයීමට ජලය නැති බවද අධිකාරිය දන්වා යවා ඇත.