ජලසම්පාදනයේ යන්ත්‍රවල හිස් සැෂේ පැකට් හිරවෙලා


(දයාසීලි ලියනගේ)   

ජල මූලාශ්‍රවලින් ජලය ලබා ගන්නා යන්ත්‍රවල හිස් සැෂේ පැකට් හිරවීම නිසා දිනපතාම එම යන්ත්‍ර නඩත්තු කිරීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැමිණිලි කර ඇත.   

මේ තත්ත්වය නිසා යන්ත්‍ර අලුත්වැඩියාවට විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව මණ්ඩලය පැමිණිලි කර ඇතැයි ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.   


දිනකට රුපියල් ලක්ෂ 26 ක් වටිනාකමින් යුත් ෂැම්පෝ, හෙයාර් ඩයි හා හෙයාර් ජෙල් පැකට් පාවිච්චි කරන බව පරිසර අමාත්‍යාංශයට වාර්තා වී ඇතැයි ඇමැතිවරයා ප්‍රකාශ කරයි.   


ලබන ජනවාරි මාසයේ සිට සැෂේ පැකට් පාවිච්චි තහනම් කිරීමට තීරණය කර ඇති අතර සහන කාලයක් ලබා දෙන ලෙසට ව්‍යාපාරික පිරිසක් ඉල්ලා ඇතත් තීරණයේ වෙනසක් නොවන බව ද ඇමැතිවරයා කීය.