(නිශාන්ත කුමාර බණ්ඩාර)
උතුරු පළාත් සභාවේ යළිත් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී ඇතැයි උතුරු පළාත් සභාවෙන් වාර්තා වෙයි.
පළාත් ප්‍රවාහන හා ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය පී. ඩෙනිෂ්වරම් මහතා එම තනතුරින් ඉවත් කිරීමත් සමග මේ තත්ත්වය හටගෙන ඇත.
ඩෙනිෂ්වරම් අමාත්‍යවරයාගේ ටෙලෝ සංවිධානයේ පක්ෂ සාමාජිකත්වය මාස 6කට අත්හිටුවා ඒ සඳහා ටෙලෝ සංවිධානයේ පළාත් සභා මන්ත්‍රී වින්දන් කනගරත්නම් මහතා පත්කිරීමට ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභාව පසුගියදා තීරණය කළේය.
එහෙත් තමන් ටෙලෝ සංවිධානයේ සාමාජිකයකු නොවන බවත් තමන් කිසිවිටකත් එම සංවිධානයෙන් මැතිවරණයට ඉදිරිපත් නොවූ බවත් මේ නිසා තමන් එම ධුරයෙන් ඉවත් නොවන බවත් ඩෙනිෂ්වරම් අමාත්‍යවරයා පැවැසීය.
මේ නිසා උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් පත්කිරීමේ ගැටලුව තවත් උත්සන්න වී ඇතැයි වාර්තා වෙයි.