(අජන්ත කුමාර අගලකඩ)
තවත් පළාත් සභා දෙකක නිලකාලය ලබන මාසයෙන් අවසන් වේ.
දකුණු පළාත් සභාවේ නිල කාලය ලබන මස 10 වැනිදා ද, බස්නාහිර පළාත් සභාවේ නිල කාලය ලබන මස 20 වැනිදාද අවසන්වීමට නියමිතය.
ඉතිරිව ඇති ඌව පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්තෝබර් මස මුලදී අවසන් වීමට නියමිතව ඇත.
සබරගමුව, උතුරු මැද, නැගෙනහිර පළාත් සභා තුනේ නිල කාලය අවසන් වී වසරකුත් මාස හතක් පමණ ගතවී ඇති අතර, වයඹ, මධ්‍යම සහ උතුරු යන පළාත් සභා තුනේ නිල කාලය අවසන් වී වසරකට ආසන්න වී ඇත.
පළාත් සභා මැතිවරණය ලබන මැයි මස 31 වැනිදාට පෙර පැවැත්වීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ආණ්ඩුවට දැනුම් දී තිබූ නමුත්, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් වන බවක් තවමත් පෙනෙන්නට නොමැත.