මහ බැංකු වාර්තාවක් කියයි
(උපුල් වික්‍රමසිංහ)
පාස්කු ඉරු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට අභ්‍යන්තරයේ තර කළ ආරක්ෂක වැඩපිළිවෙළ හේතුවෙන් මේ වසරේ මාර්තු මාසයට සාපේක්ෂව පසුගිය අප්‍රේල් මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් වාර්තාගත අයුරින් පහළ වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව තොරතුරු හෙළි කරයි.
ආහාර හා පාන වර්ග, රෙදිපිළි හා ඇඟළුම් යන නිෂ්පාදන අංශවල නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉකුත් මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 25.9 කින් පහත වැටී ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති මේ නිවේදනයෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටෙහි පැවැති ආරක්ෂක වැඩපිළිවෙළ නිසා කර්මාන්ත ශාලාවල රාජකාරි වේලාවන් සීමා කිරීම, ඇනවුම් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය වැඩි වීම හේතුවෙන් මෙලෙස නිෂ්පාදන ක්‍රියාකාරකම් මන්දගාමී වී ඇති බවය. පාස්කු ප්‍රහාරයෙන් පසු සංචාරක කර්මාන්තය කඩා වැටීම හේතුවෙන් කුඩා කර්මාන්ත සියයට 10ක ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා කුඩා කාර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ නන්දකුමාර මහතා ‘ඉරිදා ලංකාදීප’ යට පැවසුවේ වත්තල සිට පුත්තලම දක්වාත් ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සංචාරක හෝටල් ආශ්‍රිතව සිය ව්‍යාපාර කටයුතු කරගෙන ගිය කුඩා කර්මාන්තකරුවන් මෙමගින් දැඩි පීඩාවකට පත්ව සිටින බවය.