(නිශාන්ත කුමාර බණ්ඩාර)
පොදු ප්‍රවාහනයට දුම්රිය ගමන්වාර සඳහා අමතර දුම්රිය ධාවනය කළ ද ඒ තුළින් මතුවිය හැකි කොරෝනා අවදානම පහව ගොස් නැතැයි දුම්රිය එංජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි.
දුම්රිය මගීන් තුළින් කොරෝනා ව්‍යාප්තිය ඇතිවේ යයි අවදානමක් තිබෙන බව අවස්ථා කිහිපයක දී දැනුම් දුන්නද මේ දක්වා නිසි පියවරක් හෝ ක්‍රමවේදයක් සකස් කර නැත.
කොරෝනා අවදානම හමුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම ශීඝ්‍ර ලෙස පහත වැටී ඇති නිසා ඊට පිළියම් ලෙස දුම්රිය යොදා ගෙන එළවළු තොග ප්‍රවාහනය කිරීමට යෝජනා කළ ද මෙතෙක් රජයේ හෝ දුම්රිය බලධාරීන්ගේ අවධානය ඊට යොමු නොවීම කනගාටුවට කරුණක් බව ඔහු සඳහන් කරයි.
යාපනයේ සිට බෙලිඅත්ත දක්වා භාණ්ඩ තොග ප්‍රවාහනය කිරීමට අවස්ථාව තිබිය දී එය සැලකිල්ලට නොගැනීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබිය යුතු ආදායම් මාර්ගයක් ඇන හිට ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
දැනට දුම්රිය යොදාගෙන වැලි ප්‍රවාහනය කිරීමේ දී විශාල ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට හිමි වෙයි.
ඊට සමානව එළවළු ඇතුළු වෙනත් භාණ්ඩ ප්‍රවාහනය සඳහා කඩිනමින් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
මේ සඳහා දුම්ර්ය දෙපාර්තමේන්තුව සතුව ඇති අමතර බලවේග කට්ටල සහ එන්ජින් යොදාගෙන ඒ සඳහා පහසුවෙන් ක්‍රමවේදයක් සකස් කිරීමට ඉඩකඩ තිබියදීත් එය පැහැර හැරීම කනගාටුවට කරුණක් බව ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කරයි.