(දයාසීලි ලියනගේ)
දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය තවදුරටත් පවත්වාගෙන යනවාද? යන්න පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තාවේ. දූෂණ විමර්ෂණ කටයුතු සම්බන්ධයෙන් ආයතන ගණනාවක් මේ වනවිට කාර්යක්ෂමව ක්‍රියාත්මක වන නිසා ලිපිගොනු පවත්වාගෙන යාම සඳහා පමණක් මෙවැනි කර්යාලයක් පවත්වා ගෙනයාම අනවශ්‍ය බවට අදහස් ඉදිරිපත්වී ඇත.
මීට අමතරව මෙම ආයතනය බලය ඉක්මවා කටයුතු කළ අවස්ථා පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවද සඳහන්වේ.
උදාහරණයක් වශයෙන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරයකුගේ නිවසක් පරීක්ෂා කිරීම හා ඡායාරූප ගැනීමේ සිද්ධියක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වේ.
ව්‍යාපාරිකයකුගෙන් ලක්ෂ 65ක මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් පිළිබඳවද වාර්තාවී තිබෙන බවද රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
මෙම ආයතනය තාවකාලිකව පිහිටුවන ලද එකක් බවද ඔහු ප්‍රකාශ කළේය.