(අජන්ත කුමාර අගලකඩ)
පෞද්ගලික මූල්‍ය සමාගමක් කඩාවැටීම වළක්වා ගැනීම සඳහා අදාළ මූල්‍ය සමාගමට රුපියල් කෝටි 100ක ණය මුදලක් ලබාදෙන්නැයි ඉහළ පෙළේ දේශපාලනඥයකු රජයේ ප්‍රධාන පෙළේ බැංකුවකට කළ නියෝගයක් එම බැංකුවේ ප්‍රධානින් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි වාර්තා වේ.
අදාළ පෞද්ගලික මූල්‍ය සමාගම මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලනය යටතට ගෙන ඇතැයි ද රජයේ ආරංචි මාර්ග කියයි.
එම ආයතනය පවත්වාගෙන යාම සඳහා රුපියල් කෝටි 100ක ණය මුදලක් අදාළ සමාගමට ලබා දෙන්නැයි ඉහළ පෙළේ දේශපාලනඥයකු රජයේ ප්‍රධාන පෙළේ බැංකුවක ප්‍රධානින් කැඳවා දැනුම් දී ඇති බවත් එම ඉල්ලීම ඉටු කළ නොහැකි බව එහි ප්‍රධානීන් ඔහුට දන්වා ඇති බවත් එම ආරංචි මාර්ගවලින් පැහැදිලි වේ.