නව ආදායම් බදු පනතට මන්ත්‍රීන් නමින් ඡන්දය ඕනෑ


(දයාසීලි ලියනගේ)  
නව දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේ දී මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්ද විමසීම ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත. 

මෙම පනතින් ජනතාව මත විශාල බදු බරක් පැටවෙන නිසා, එවැන්නකට විරෝධය දක්වන මන්ත්‍රීවරුන් පිළිබඳව ජනතාව දැනගත යුතු නිසා, මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය ඉල්ලා සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කීය.  


මේ අතර දේශීය ආදායම් බදු පනත සඳහා ඒකාබද්ධ විපක්ෂය මගින් සංශෝධන 31ක් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දැනටමත් බාරදී ඇති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.  


මෙම සංශෝධන 31ක නිසා ජනතාවට ලැබෙන සහන පිළිබඳව සාකච්ඡා කර තීරණයකට එළඹීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කිරීමට ද තීරණය කර ඇත.  


මෙම සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයාගෙන් දිනයක් ලබාගැනීමට කටයුතු කර ඇති බවද බන්දුල ගුණවර්ධන මහතා කීය.