නව ව්‍යවස්ථා කමිටුවෙන් මුස්ලිම් කොංග්‍රසයටත් ආරාධනා


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත්කළ විද්වත් කමිටුව විසින් තම පක්ෂයට ද ආරාධනා කර ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතා පවසයි.  

මෙහිදී විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් නොකරන අතර පසුගිය සර්ව පාක්ෂික සමුළුවේදී එකඟ වූ කරුණු නව ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළේය.  


එම සර්ව පාක්ෂික සමුළුවේදී ඊට සහභාගි වූ බොහෝ දෙනෙකුගේ යෝජනාවලට 90%ක් පමණ එකඟතාවට පැමිණ තිබේ.  


එකඟතාවකට එන්නට බැරි වූ කාරනා සඳහා විකල්ප යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කර ඇත.  


එසේ එකඟ වූ කරුණු පදනම් කරගෙන නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක කර යුතුව ඇතැයි නියාම් කාරියප්පර් මහතා පැවසීය.