නව ව්‍යවස්ථාව පිළිබඳව ඒකාබද්ධයෙන් උද්ඝෝෂණ මාලාවක්


(නාලක සංජීව දහනායක) 
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම සඳහා දිවයින පුරා උද්ඝෝෂණ හා මහජන රැස්වීම් මාලාවක් සංවිධානය කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. 

ඒ අනුව පළමු රැස්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සතියේ දී කොළඹ දී පැවැත්වීමට තීරණය කර ඇත. මේ සඳහා නීති විශාරදයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය. 


එමෙන්ම නව ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අඟහරුවාදා (3) කොළඹ දී පැවැත්වේ. මහාචාර්ය ජී.එල්. පීරිස්, නීතිඥ මනෝහර ද සිල්වා හා ආචාර්ය දයාන් ජයතිලක මහත්වරුන් දේශකයින් වශයෙන් සහභාගි වේ.