(නිශාන්ත කුමාර බණ්ඩාර)
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා පත්කර ඇති විශේෂඥ කමිටුවට දෙමළ සන්ධානයට ද ආරාධනය කර ඇතැයි එම සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
එම ආරාධනය දෙමළ සන්ධානය විසින් භාර ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව පෙබරවාරි මස 6 හෝ 7 වැනි දින දෙමළ සන්ධානයේ නියෝජිත පිරිසක් එම විද්වත් කමිටුව මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතය.
දෙමළ සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු 5 දෙනා මෙම සාකච්ඡාවට සහභාගි වීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළේය.