(රංජන් කස්තුරි)
සියලුම පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම පැවැත්වීම සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය හෙට (4) නිකුත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
ඒ අනුව රටපුරා තිබෙන පළාත් පාලන ආයතන 341කටම අදාළව නාමයෝජනා කැඳවෙන අතර මැතිවරණය පෙබරවාරි මාසයේ මුල් සතියේ සෙනසුරාදා (10) හෝ දෙවන සෙනසුරාදා 17 හෝ දිනෙක පැවැත්වීමට නියමිතය.
සීමා නිර්ණ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සම ඉවත්කර ගැනීමත් සමග අනෙකුත් පළාත් පාලන ආයතන සඳහා ඡන්දය පැවැත්වීමේ බාධා ඉවත් වී ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.
මේ අතර නාම යෝජනා බාරගැනීම සඳහා කලින් නියමකර තිබූ කාල සීමාව වෙනස් වන බවද සියලුම ආයතනවලට අදාළ නාම යෝජනා බාර ගැනීමේ කාලසීමාව හෙට (4) දැනුම් දෙන බව ද මැතිවරණ කොමිසම සඳහන් කරයි.