(නිශාන්ත කුමාර බණ්ඩාර)
නැගෙනහිර පළාත් සභාව සඳහා පිළිගත් මුස්ලිම් දේශපාලන පක්ෂ 4කින් හා වෙනත් මුස්ලිම් සංවිධානවලින් සැදුම්ලත් නව සන්ධානයකින් තරග වදින බව හසන් අලි මහතා පවසයි.
දැනටමත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා අතාවුල්ලා යන අමාත්‍යවරුන් ඒ සඳහා කැමැත්ත පළකර ඇති අතර කඩිනමින් මුස්ලිම් සංවිධාන නියෝජිතයන් සමඟ සාකච්ඡා කොට සන්ධානය තුළින් නැගෙනහිර පළාතට තරග වදින බව ඔහු ප්‍රකාශ කළේය.
දැනටමත් බිම් මට්ටමේ ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති බවත් නැගෙනහිර පළාතේ බොහෝ මුස්ලිම් ජනතාව තමන්ට සහය පළකිරීමට සූදානමින් සිටින බවත් හසන් අලි මහතා පැවැසීය.
මේ සඳහා සන්ධානගත වීමට මුස්ලිම් කොංග්‍රසයට ද ඇරයුම් කළ බවත් තවම ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබුණ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.