නැගෙනහිර පළාත් ඡන්දයට මුස්ලිම් සන්ධානයක් සැරසෙයි


(නිශාන්ත කුමාර බණ්ඩාර)  
නැගෙනහිර පළාත් සභාව සඳහා සන්ධානගතව තරග කිරීමට පියවර ගෙන ඇති අතර මේ දිනවල පළාතේ ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදුකරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු මහ ලේකම් හසන් අලි මහතා පවසයි.  

මෙම සන්ධානයට සියලු මුස්ලිම් පක්ෂවලට ඇරයුම් කළද මුස්ලිම් කොංග්‍රසය සහභාගිවීම ප්‍රතික්ෂේප කළ බවද ඔහු සඳහන් කළේය.  
රිෂාඩ් බදුයිදීන්, අතාවුල්ලා සහ අබ්දුල් රහුමාන් යන මහත්වරුන්ගේ මුස්ලිම් සුළු පක්ෂ සමඟ සන්ධානගතවී නැගෙනහිර පළාතට පමණක් තරග කරන බවද හසන් අලි මහතා ප්‍රකාශ කළේය.  


ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයකු ලෙස තවම කිසිවෙකුත් පත් කරගෙන නොමැති අතර මැතිවරණ ප්‍රතිඵලවලින් පසු සන්ධානයේ උත්තරීතර මණ්ඩලය රැස්වී සුදුසු අයකු තෝරා ගන්නා බවද හසන් අලි මහතා පැවැසීය.  


නැගෙනහිර පළාතේ ජනතාව තුළ තම සන්ධානය කෙරෙහි සෑහෙන ප්‍රතිචාරයක් දක්වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.