නැව්, ගුවන් යානා තෙල් ගබඩා කරන්න කොළඹ වරායේ ඉඩම් කැබලි හතරක් ආයෝජකයකුට


අරගල නිසා නැව් දාහතක් හැරී ගියා

සුජිත් හේවාජුලිගේ

නැව්වලට සහ ගුවන් යානාවලට සැපයීම සඳහා ඉන්ධන ගබඩා කිරීමට (bunkering fuel) කොළඹ වරායේ වටිනා ඉඩම් කැබැලි හතරක් ආයෝජකයකුට ලබාදීමට කටයුතු කරගෙන යන බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.  

මින් එක් ඉඩම් කොටසක් දෙන්නේ ගුවන් යානා ඉන්ධන (aviation fuel) ගබඩා කිරීම සඳහා බව පැවසූ අමාත්‍යවරයා මේ කටයුතු සඳහා දැනටමත් අභිලාෂ කැඳවා ඇතැයිද සඳහන් කළේය.  


රටක් දියුණු කිරීම සඳහා මෙවැනි ආයෝජන අත්‍යවශ්‍ය බවත් පසුගිය කාලයේ ඇති වූ අරගල හේතුවෙන් නැව් දාහතක් හැරී ගිය බවත් ඔහු කීවේය.  


මේ අතර ත්‍රිකුණාමල වරාය වෙළෙඳ වරායක් ලෙස දියුණු කිරීමට කටයුතු කරගෙන යන බවත් අගය එකතු කරන ලද ඉල්මනයිට් ආනයනය කිරීම සඳහා ත්‍රිකුණාමල වරාය​ යොදාගැනීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.