(දයාසීලි ලියනගේ)
නීති විරෝධීව අනුමැතියකින් තොරව අධිසුඛෝපභෝගි වාහන 30ක් ආනයනය කිරීමට අනුමැතිය දීමේ සිද්ධියක් මත ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් දෙදෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා ඇත.
මෙම නිලධාරින් දෙදෙනා මීට පෙර අවස්ථා ගණනාවකදී නීති විරෝධීව වාහන ගෙන්වීමට අනුමැතිය දී ඇති බව අනාවරණය වී ඇතැයි අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා “ඉරිදා ලංකාදීප”යට කීය.
මෙම නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමටත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සිද්ධිය පැමිණිලි කිරීමටත් පියවර ගෙන ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කීය.