(දයාසීලි ලියනගේ)
එක් එක් දේශපාලනඥයන් නීතිපතිවරයා පෞද්ගලිකව හමුවී තෝරා ගත් පුද්ගලයන්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹවීම මගින් අධිකරණයේ ස්වාධීනත්වයට හානි වන බව ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න මහතා පෙන්වා දෙයි.
කිසිදු දේශපාලනඥයෙක් නීතිපතිවරයාට බලපෑම් නොකළ යුතු අතර ස්වාධීනව කටයුතු කිරීමට ඔවුන්ට අවස්ථාව සලසා දියයුතු බවද ඇමැතිවරයා කීය.
ඇතැම් දේශපාලනඥයන් වර්තමානයේ නීතිපතිවරයා හමුවී කරනු ලබන බලපෑම්වලට එරෙහිව නීතිඥ සංගමය නැගීසිටිය යුතු බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
පුද්ගලයන් මූලික කර ගනිමින් නඩු පැවරීම, දඬුවම් දීම වැනි ක්‍රියා සිදුකිරීම මගින් ජාත්‍යන්තර වශයෙන් ද මේ රජය අප්‍රසාදයට පත්වන බවත් ඇමැතිවරයා කීය.
මේ තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කරන බවද ඔහු ප්‍රකාශ කළේය.