(දයාසීලි ලියනගේ)
නොරොච්චෝල ප්‍රදේශයේ පිහිටි සුළං බලාගාරයේ ට්‍රාන්ස්ෆෝමරය අක්‍රිය වී දැනට මාසයකට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් එය යථා තත්ත්වයට පත් කිරීමට විදුලිය බල මණ්ඩලය පියවරක් ගෙන නොමැති බව වාර්තා වේ.
මෙම සුළං විදුලි බලාගාරයේ ට්‍රාන්ස්ෆෝමරය අක්‍රිය වීම නිසා මෙගාවොට් 65 ක විදුලිය ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට අහිමි වී ඇතැයි මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
මීට අමතරව මෙම බලාගාරය වසරකට අධික කාලයක් තුළ නඩත්තු කිරීමක් කර නොමැති බව ද වැඩිදුරටත් සඳහන් කළේය.