(නිශාන්ත කුමාර බණ්ඩාර)
මෙවර මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය පසුබෑමට ලක්වූයේ කෙසේ ද යන්න පිළිබඳව පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව සොයා බලන බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
මැතිවරණයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වලින් ආසන 20 ක් අපේක්ෂා කළ ද මෙවර එම සන්ධානයට හිමි වූයේ ආසන 10 ක් පමණි.
ඒ ප්‍රසාද මන්ත්‍රී ධුරයත් සමගිනි.
දෙමළ සන්ධානයට පසුගිය මැතිවරණයේදී ආසන 16 ක් හිමි විය.
තම සන්ධානයට මන්ත්‍රී ධුර 20 ක් ලබා දෙන ලෙසට ජනතාව දැනුවත් කළ ද ජනතාව ලබා දුන් සහාය ස්තූති පූර්වකව පිළිගන්නා බව සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීමෙන් පසු පරාජයට හේතුව පිළිබඳ කරුණු විශ්ලේෂණය කරන බව ඔහු පැවසීය.
එම අඩුපාඩු සකසාගෙන ඉදිරි මැතිවරණයට මුහුණ දීම සඳහා අවශ්‍ය කටයුතු කරන බව ද එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.