(අජන්ත කුමාර අගලකඩ සහ දයාසීලි ලියනගේ)
අලුතින් සම්මත කරන ලද මැතිවරණ ක්‍රමය අනුව පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පත්කිරීම, අදාළ පළාත් පාලන ආයතනවලට තේරී පත් ෙවන මහජන නියෝජිතයින්ගේ ඡන්දයෙන් සිදුකිරීමට නියමිතව ඇත.
දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකට හැර අනිකුත් සෑම දිස්ත්‍රික්කයකටම එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධාන ගත වී මැතිවරණයට මුහුණ දෙන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය.
හෙළ උරුමයේ ලැයිස්තුව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයාට බාරදී ඇති අතර ඔවුන් හඳුනාගැනීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බවද ඔහු පැවසීය
නවක අපේක්ෂකයන්ට නව මැතිවරණ ක්‍රමය පිළිබඳ වැඩමුළුවක් ද පැවැත් වූ අතර බොහෝ දුරට ලබන ජනවාරි මාසෙය්දී පමණ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇතැයි විශ්වාස කෙරෙන බවද වර්ණසිංහ මහතා සඳහන් කළේය.