(දයාසීලි ලියනගේ)
පළාත් පාලන ආයතනවල සභික ධුර සංඛ්‍යාව යළි 4000 දක්වා වත් අඩු කළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කර ඇතැයි වාර්තාවේ.
පළාත් පාලන මැතිවරණයේ නව සංශෝධනයට අනුව සභික සංඛ්‍යාව 4000 සිට 8000 දක්වා වැඩිවී ඇත. මෙතරම් සභික සංඛ්‍යාවක් වැඩිවීම පිළිබඳව රටේ ජනතාව තුළ ප්‍රසාදයක් ඇතිවිය නොහැකි බැවින් මෙම සභික සංඛ්‍යාව යළි සංශෝධනය විය යුතු බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර තිබේ.
ක්ෂේත්‍ර නිලධාරීන් මැතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔවුන්ගේ රාජ්‍ය සේවා තනතුර අහිමි වනවා යන්න පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට ඇමැති දයාසිරි ජයසේකර මහතා පිළිතුරු දුන් අවස්ථාවේ ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයිද සඳහන්වේ.