(මහින්ද නිශ්ශංක)
ලබන වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මේ මස 22 දා මධ්‍යම රාත්‍රී 12 දක්වා ඉල්ලුම් බාර ගැනීම සිදුවෙයි.
මේ අතර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 2017 ඡන්ද හිමි නාමලේඛනයට අනුව ඡන්ද දායකයෝ 15760867 දෙනෙකු සුදුසුකම් ලබා ඇතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පවසයි.
මෙම ඡන්දදායක සංඛ්‍යාව පසුගිය වසරේ ඡන්දදායක සංඛ්‍යාවට වඩා 148897ක වැඩිවීමක් බවද අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා කීය.
2017 ඡන්ද හිමි නාමලේඛනයට අනුව දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම ඡන්ද දායක සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 1724309 කි. කොළඹ ඡන්ද සංඛ්‍යාව 1652389කි.
මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්දදායකයින් ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාම ලේඛනය දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාලවල, පළාත් පාලන ආයතන කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, සියලු ග්‍රාම නිලධාරි කාර්යාල, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, අධ්‍යාපන ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශවල, දුම්රිය, තැපැල් මූලස්ථානවල ප්‍රදර්ශනයට තබා ඇත.