(දයාසීලි ලියනගේ)
සියලු පළාත් සභා මන්ත්‍රීවරුනට දුරකථන දීමනා වශයෙන් මසකට රුපියල් 25,000ක් හා කාර්යාලයක් පවත්වා ගෙනයාම සඳහා රුපියල් 50,000 බැගින් වූ දීමනා ගෙවීමට යයි.
වයඹ හා දකුණු පළාත් සභා මන්ත්‍රීවරු ගණනාවකට දැනටමත් රුපියල් 25,000 බැගින් දුරකථන දීමනා ලබාදෙන බව වාර්තා වේ.
කාර්යාලයක් පවත්වා ගෙන යාම සඳහා රුපියල් 50,000 දීමනාව ලබාදීමට නියමිතව ඇතත්, මෙතෙක් ගෙවීම් ආරම්භ කර නොමැති බව දැනගන්නට ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලැබෙන වැටුප් හා අනෙකුත් දීමනා වලින් 1/2ක් පළාත් සභා මන්ත්‍රීවරයකුට ලැබිය යුතුය යන නීතිය යටතේ මෙම ගෙවීම් සිදුකරනු ලබයි.
මේ සඳහා වසරකට වැය වන මුදල රුපියල් කෝටි 45කට අධික වන බව ගණන්බලා ඇත.