ප්‍රවාහන දීමනාව ගන්න රාජ්‍ය නිලධාරීන්ට ආයතනයේ වාහන බෑ


මුදල් ලේකම් දන්වයි

දයාසීලි ලියනගේ  

නිල වාහන වෙනුවට මාසික ප්‍රවාහන දීමනාව ලබා ගන්නා නිලධාරීන්ට කිසිදු අවස්ථාවකදී ආයතනයේ සංචිත වාහන ලබා නොදිය යුතු බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු ආයතන ප්‍රධානීන්ට දන්වා ඇත.  

මීට අමතරව සංචිත වාහන පවතින අවස්ථාවලදී කුලී පදනම මත වාහන ලබා ගැනීම නොකළයුතු බවටද නියම කර ඇත. 


සේවකයන් සඳහා අතිකාල සහ නිවාඩු දින වැටුප් හා වෙනත් දීමනා සඳහා වෙන් කර ඇති මුදල් අවම වශයෙන් සියයට 6කින් අඩු කළ යුතුව ඇති බැවින් අතිකාල වියදම් දැඩි සේ පාලනය කිරීම අත්‍යවශ්‍ය බවද භාණ්ඩාගාර ලේකම්වරයා දැනුම් දී ඇත.  


නිසි අධිකාරී බලයක් නොමැතිව ආයතන මට්ටමින් නිකුත් කරනු ලබන අභ්‍යන්තර උපදෙස් මත ගෙවනු ලබන දීමනා නතර කරන ලෙස ද නියම කර ඇත.