ප්‍රාදේශීය දේශපාලකයන් පන්සීයක් එජාපයෙන් ඉවත් කරන්න යයි


(දයාසීලි ලියනගේ)  

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගිය ප්‍රාදේශීය දේශපාලනඥයන් 500 කට ආසන්න පිරිසක් පක්ෂයෙන් ඉවත් කිරීමට වහාම පියවර ගන්නා ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නීති අංශයට නියම කර ඇත.  

පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් කමිටුව පසුගිය සතියේ රැස්වූ අවස්ථාවේදී පක්ෂය හැර ගිය ප්‍රාදේශීය දේශපාලනඥයන් සම්බන්ධයෙන් පියවර නොගැනීම පිළිබඳව එයට සහභාගි වූ පිරිසක් විමසා ඇති අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර ඇත.  


මෙහිදී නීති අංශ පෙන්වා දී ඇත්තේ මෙම පිරිස පක්ෂයෙන් ඉවත් වී ඇති බවට සඳහන් ලිඛිත සාක්ෂි සකස් කරමින් සිටින නිසා කිසියම් කාලයක් ගතවිය හැකි බවය.  


එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඉක්මනින් මොවුන් සඳහා ගන්නා පියවර ප්‍රකාශ කළ යුතු බවය.