(දයාසීලි ලියනගේ)
එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ගැටලු විසඳීම සඳහා ඔවුන් හමුවී සාකච්ඡා කරන ලෙස ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පිරිසක් පක්‍ෂ බලවතුන්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
පසුපෙළ මන්ත්‍රීවරුන් ගණනාවක් දැඩි කලකිරීමකින් පසුවන බවට තොරතුරු ලැබී ඇති නිසා, ඔවුන් ධෛර්යවත් කිරීමට වහාම පියවර ගන්නා ලෙස ඔවුන් ඉල්ලා ඇත.
තම පාක්‍ෂිකයන්ට රජයේ එකම රැකියාවක්වත් ලබා දීමට නොහැකිවීම හා පාක්‍ෂිකයන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට නොහැකිවීම ගැන මෙම පිරිස කලකිරීමට පත්වී සිටින බව ද සඳහන් වේ. මේ අසහනකාරී තත්ත්වය නිසා රජයේ ප්‍රබල ඇමැතිවරයෙක් තමන් යටතේ පවත්නා ආයතනවල රැකියා පුරප්පාඩු පිරවීමේ දී පසුපෙළ මන්ත්‍රීවරුනට ද අවස්ථාවක් ලබාදී ඇති බව ද වාර්තා වේ.