(දයාසීලි ලියනගේ)
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා ලෙස ඇමැති මහින්ද අමරවීර මහතා ද සභානායක ලෙස ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද පත්වනු ඇතැයි වාර්තා වේ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස හිටපු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පත්වනු ඇතැයි ද සඳහන් වේ.
පසුගියදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී ද මෙම තනතුරුවලට පත්වන අය ගැන විමසා ඇතත් පැහැදිලි පිළිතුරක් ලබා දී නැති බව වාර්තා වේ.