පැරදුණු මන්ත්‍රීන්ගේ ආරක්ෂක භටයන් ඉවතට


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය) 

ආසන අහිමි වූ මන්ත්‍රීවරුන් 81 දෙනාගේ ආරක්ෂාවට ලබා දී තිබූ ආරක්ෂක නිලධාරීන් ලබන සතියේ සිට ඉවත් කරනු ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 

 මෙයින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබූ ආරක්ෂාව ඉවත් කිරීම හෝ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීම හෝ පිළිබඳ මෙතෙක් උපදෙස් ලැබී නැති බව සඳහන් කරයි. 


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ආරක්ෂක නිලධාරීන් 4 දෙනෙක් හා ඇමැතිවරයකුට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළුව පොලිස් නිලධාරීන් 8 දෙනකුගේ ආරක්ෂාව ලබා දී තිබුණ බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය. 


 පරාජිත මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට සිටි ඇතැම් නිලධාරීන් මේ වන විටත් ඇමැති ආරක්ෂක කොට්ඨාසය වෙත වාර්තා කර ඇති බව ද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.