(අජන්ත කුමාර අගලකඩ)
පළාත් පාලන මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමය යටතේ පැවැත්වීමට දේශපාලන නායකයින් අතර එකඟතාවක් පළවී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව සියයට 60ක් කොට්ඨාස ක්රමයටත් ඉතිරි සියයට 40 අනුපාත ක්රමයටත් තෝරාපත් කර ගැනීමට පක්ෂ නායකයින් එකඟතාවකට පැමිණ ඇත. කාන්තා නියෝජනය ද සියයට 25 දක්වා වැඩි කිරීමට ද එකඟතාව පළවී තිබේ. පළාත් පාලන සංශෝධන පනත යටතේ කොට්ඨාස ගණන බහු ආසනද ඇතුළුව 5,300ක් පමණ වන අතර තෝරාපත්කර ගැනෙන නියෝජිතයින් සංඛ්‍යාව 8,000ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නව ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තුවේ පමණ පැවැත්වීමට රජය අපේක්ෂා කරන බව වාර්තා වේ.