පොහොට්ටුව ජනපතිවරණයේ ඡන්ද වැඩ අරඹයි


(අජන්ත කුමාර අගලකඩ)  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මේ වන විටත් සිය සංවිධාන කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ.  

බත්තරමුල්ලේ පිහිටි පොදුජන පෙරමුණ කාර්යාලයේ දී ගිය සතියේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක්, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.  


පළාත් මට්ටමින් කැඳවා ඇති එම සාකච්ඡාවලට ඒ ඒ පළාත්වල පොදුජන පෙරමුණට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් ද සහභාගි වූ බව එම ආරංචිමාර්ග කියයි.