(දයාසීලි ලියනගේ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බලමණ්‍ඩල පිහිටුවීමේදී එම ආසන නියෝජනය කරනු ලබන පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුනට ආරාධනා නොකිරීම නිසා අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.
දකුණු පළාතේ ආසන බලමණ්ඩල ගණනාවක් පසුගිය සතියේදී පිහිටුවනු ලැබූ අතර, එහිදී ඇතැම් හිටපු සංවිධායකවරයකුට එම අවස්ථාවට ආරාධනා කර නොසිටි බව දැන ගන්නට ඇත.
දින 100යේ රජය නියෝජනය කරමින් සිට පළාත් පාලන ඡන්දයෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වූ මන්ත්‍රීවරුනට ඉදිරිපත්ව තිබූ විරෝධතාව නිසා, බලමණ්ඩල පිහිටුවීමේ අවස්ථාවට එම මන්ත්‍රීවරුනට ආරාධනා කර නැතැයි දැනගන්නට ඇත.
පක්ෂයට පසුව එක්වූ මන්ත්‍රීවරු පක්ෂයේ වැඩ කටයුතුවලට සහභාගි කර ගැනීමට දක්වන විරෝධතාවය නිසා, හිටපු සභාපතිවරයාට ආරාධනා කර නොමැති බවද දැනගන්නට ඇත.