(දයාසීලි ලියනගේ)
පෞද්ගලික විදුලිය බලාගාර තුනක කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීම සඳහා විදුලිය බල අමාත්‍යාංශය ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය මගින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
නීති විරෝධී ගිවිසුම් අවලංගු කරන බවට සඳහන් ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩපිළිවෙළ යටතේ මෙම ගිවිසුම් ඉදිරියටත් ක්‍රියාත්මක නොකළ යුතු බැවින් ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වේ.
ඒ අනුව 2021 අප්‍රේල් මාසයේ ගිවිසුම් අහෝසි වෙන මෙ.වො. 100 ඇඹිලිපිටියේ ඒෂියා පවර් විදුලිය බලාගාරය, මෙ.වෙ. 20 මාතර ඒෂියා පවර් විදුලිය බලාගාරය හා මෙ.වො. 50 සපුගස්කන්ද ඒෂියා පවර් විදුලිය බලාගාරය සඳහා වන කොන්ත්‍රාත් කාලය 2023 දෙසැම්බර් දක්වා දීර්ඝ කිරීම සඳහා මෙම අනුමැතිය ඉල්ලා තිබූ බව ද සඳහන් වේ.