(අජන්ත කුමාර අගලකඩ)
වෙළෙඳ පොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ඇමැතිවරුන් කිහිප දෙනකුම පසුගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමේදි ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
සහල්, පොල්, ලොකු ලූනු, පරිප්පු, වියළි මිරිස්, අර්තාපල් ආදි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල මෙසේ ඉහළ ගොස් ඇතැයි ඇමැතිවරු පෙන්වා දී ඇත.
කොරෝනා වයිරසය හේතුවෙන් ගිය සතියේ කැබිනට් ‘රැස්වීමද ඔන්ලයින්’ තාක්ෂණය ඔස්සේ පැවැති අතර එහිදී ඇමැතිවරුන් මේ බව ප්‍රකාශ කර ඇත.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පාලන මිල ගණන් ගැසට් කර ඇතත් එම මිල ගණන්වලට ආහාර ද්‍රව්‍ය අලෙවි නොකරන බවද ඇමැතිවරුන් පෙන්වා දී ඇතැයි වාර්තා වේ.
ඊට පිළිතුරු දී ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් රජය විශේෂ අවධානය යොමුකර ඇති බවත් ජීවන වියදම් කමිටුවේ දී ඒ පිළිබඳව සාකච්ඡා කර කඩිනම් තීරණයක් ගන්නා බවත් සඳහන් කර ඇත.