බණ්ඩාරවෙල බේරාගන්න නම් උමා ඔය ව්‍යාපෘතිය නතර කළ යුතුයි


(දයාසීලි ලියනගේ)  
උමා ඔය ව්‍යාපෘතියේ කටයුතු සියයට 75 ක ප්‍රමාණයක් මේ වන විට අවසන් වී ඇති නිසා බණ්ඩාරවෙල ජල ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් රජය දැඩි අසීරුවකට පත්වී සිටින බව ‘ඉරිදා ලංකාදීප’යට වාර්තා වේ.  

 පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡෘ කර ඇත.  


 මෙහිදී ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත්​ෙත් බණ්ඩාරවෙල නිවාස ඉරි තලා ඇති අතර නගරයේ ප්‍රධාන ගොඩනැගිලි දෙකක් ඇලවී ඇති බවයි. 


පවත්නා තත්ත්වය නිසා මෙම ව්‍යාපෘතිය නතර කළ යුතු බව හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා යෝජනා කර තිබේ.  


 මෙවැනි කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතැම් වෘත්තීය සමිති සමග සාකච්ඡෘ පැවැත්වීම නතර කළ යුතු බවද ඇමැතිවරු පෙන්වා දී තිබෙන බවද වාර්තා වේ.