බත්තරමුල්ලේ සිට පිටකොටුවටම බස්රථ ප්‍රමුඛතා මං තීරුවක්


 

(අජන්ත කුමාර අගලකඩ) 
බස්රථ ධාවනය සඳහා බත්තරමුල්ලේ සිට පිටකොටුව දක්වා කි.මී. 10ක ප්‍රමුඛතා මං තීරුවක් වෙන් කිරීමට මහනගර හා බස්නාහිර ප්‍රදේශ සංවර්ධන අමාත්‍යාංශය රජයට යෝජනා කර ඇත.


රාජගිරියේ ඉකුත්දා නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ බස්රථ සඳහා වන ප්‍රමුඛ මංතීරු ව්‍යාපෘතිය සාර්ථක වූ බැවින් එය බත්තරමුල්ලේ සිට පිටකොවුට දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි මහනගර හා බස්නාහිර ප්‍රදේශවල සංවර්ධන ඇමැති පාඨලී රණවක මහතා පැවසීය. මහාමාර්ගයේ පවතින අධික රථවාහන  තදබදයට පිළියමක් වශයෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ ප්‍රමුඛතා මංතීරු ව්‍යාපෘතිය සර්ථක වූ බවත් අරම්භක දිනයේ එහි යම් ගැටලුවක් තිබුණද පසුව එය ඉතා සාර්ථක වූ බවත්  ඇමැති රණවක මහතා කීවේය.