බැඳුම්කර ගනුදෙනුවේ පාඩුව අයකර ගන්න ක්‍රමයක් ඕනෑ


(දයාසීලි ලියනගේ)  
බැඳුම්කර ගනුදෙනුවේ සමස්ත පාඩුව අයකර ගැනීමට පියවර ගතයුතුව ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි මහතා කීය.  

ඒ සඳහා රවී කරුණානායක හිටපු ඇමැතිවරයා පමණක් බිල්ලට දීම සුදුසු නොවන අතර අර්ජුන මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා ඇතුළු සියලු වගකිවයුත්තන්ගෙන් පාඩුව අයකර ගත යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.