අංජුල මහික වීරරත්න
මෙරට මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් පූර්ණ බලතල සහිත ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා වෙත උපදෙස් ලබාදී ඇත.
ඊට අදාළ සාකච්ඡාවක් ඉකුත් සතියේ අඟහරුවාදා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකායට ශක්තියක් වීම වෙනුවෙන් මෙම විශේෂ පනත යටතේ මෙයට අදාළ බලතල ලබාදීමට සැලසුම් කර තිබේ.
රටට මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීමට මෙන්ම රට අභ්‍යන්තරයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් කොටු කිරීම ආදී කටයුතු වෙනුවෙන් වෙනම ආරක්ෂක කොට්ඨාසයක් ස්ථාපිත කිරීම ආදී කරුණු මුල්කර ගනිමින් මෙම කාර්යාලය පිහිටුවනු ඇත.
මේ වන විට ඊට අදාළ බලතල සම්බන්ධයෙන් ජනාධිපති ආරක්ෂක කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ මූලිකත්වයෙන් සාකච්ඡා ආරම්භ වී තිබේ.