(දයාසීලි ලියනගේ)
මේ වසර සඳහා මන්ත්රීවරුනට ලබා දෙන රුපියල් මිලියන 10ක විමධ්‍යගත අරමුදල් ඔවුන් නිසි පරිදි ආයෝජනය කරන බවට වග බලා ගැනීමේ වගකීම සියලු දිස්ත්‍රික් ලේකම්වරුනට පැවරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙම මුදල් වැය කිරීමේ දී අනෙකුත් රේඛීය අමාත්‍යාංශ හා පළාත් සභා හා පළාත් පාලන ආයතන මගින් ප්‍රතිපාදන සලසා නැති සමාජ සුබසාධනය ඉලක්ක කරගත් ව්‍යාපෘති සඳහා මන්ත්රීවරුනට ලබා දී ඇති මුදල් වැය කළ යුතු බවට ද මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් මගින් උපදෙස් ලබා දී ඇත.
විශේෂයෙන් මන්ත්‍රීවරයකු සිය ප්‍රතිපාදනවලින් සියයට 50 ක ප්‍රමාණයක් ඉදිකිරීම් සඳහා ද සියයට 20 ක ප්‍රමාණයක් වටිනාකම රුපියල් ලක්ෂ 2ට අඩු ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ද වැය කළ යුතු බවත් අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇත.
සෑම මන්ත්‍රීවරයකු විසින්ම ඉදිරිපත් කරනු ලබන සියලු සංවර්ධන යෝජනාවලට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ලබාගත යුතු බවට ද නියම කර ඇත.