මන්ත්‍රීන් වැඩිවෙලා: සභා රැසක් අවුලක


(ජයන්ත සමරකෝන්)   
පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 5092 දක්වා වැඩිවීම නිසා එම ආයතනවල රැස්වීම් ශාලාවල ඉඩ ප්‍රමාණය පුළුල් කිරීමට සිදුවී ඇත.   


පළාත් පාලන ආයතන 325 සඳහා සිටි සභික සංඛ්‍යාව 4750 කි. මේ ප්‍රමාණය සෑම පළාත් පාලන ආයතනයකම ඉහළයාම සිදුවෙයි.   
උදාහරණයක් ලෙස කොළඹ නගර සභාවේ සභික සංඛ්‍යාව 53 සිට 113 දක්වා වැඩි වෙයි. 

 
ඒ අනුව කොළඹ මහ නගර සභාව සඳහා වෙනමම ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සිදුවී ඇත. නගර සභා ගොඩනැගිල්ල ඓතිහාසික එකක් නිසා එම ගොඩනැගිල්ලේ පිහිටීම වෙනස් කළ ​නොහැකි බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.