මන්ත්‍රීවරුන්ගේ ගෙවල් කුලියත් පන්දහසකට නගී


යෝජනාව ළඟදීම ගෘහ කාරක සභාවට

සුජිත් හේවාජුලිගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාදිවෙල නිල නිවාස වෙනුවෙන් ගෙවනු ලබන මාසික ගාස්තුව රුපියල් පන්දහස දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇත.

නිල නිවාස මාසික කුලිය ලෙස මන්ත්‍රීවරයකුගෙන් දැනට අය කෙරෙන්නේ රුපියල් දහසකි. රුපියල් දහසක ගාස්තුව අය කෙරෙන්නේ 2005 වර්ෂයේ සිට බවත් පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී එම ගාස්තුව ප්‍රමාණවත් නොවන බවත් පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවැසීය.   


පාර්ලිමේන්තු කාරක සභාව ළඟදීම රැස්වීමට නියමිත අතර එහිදී මෙම මිල වැඩි කිරීමට අදාළ යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇත. මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් වැඩි ප්‍රමාණයක රැඳී සිටින්නේ මන්ත්‍රීවරුන්ගේ ඥාතීන්, හිතවතුන් සහ ආරක්ෂකයන් බව වාර්තා වේ.