(අජන්ත කුමාර අගලකඩ)
රජයේ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවලට ප්‍රධානීන් පත් කිරීමේදී ඉදිරි මහ මැතිවරණයට තරග කරන කිසිවකුත් පත් නොකිරීමට රජය තීරණය කර ඇත.
රජයේ සංස්ථා හා මණ්ඩලවලට පත් කිරීමට නම් යෝජනාවී තිබූ කිහිප දෙනකුගේම නම් ඒ අනුව ඉවත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත රජය මෙම පියවර ගෙන ඇති බව වාර්තාවේ.
නව රජය බලයට පත්වීමත් සමඟ රජයේ සංස්ථා හා මණ්ඩලවල ප්‍රධාන තනතුරු ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටි බොහෝ දෙනකුට මේ නිසා සිය බලාපොරොත්තු අතහැර දැමීමට සිදුව ඇති බව දැන ගන්නට තිබේ.
රජයේ සංස්ථා හා මණ්ඩලවලට ප්‍රධානීන් පත් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂාකර නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පස්දෙනකුගෙන් යුත් කමිටුවක්ද පත් කරනු ලැබීය.
එම කමිටුව සුදුසුකම් පරීක්ෂා කර බලා ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන නම් ජනාධිපතිවරයා විසින් ඇමැතිවරුන් වෙත යොමු කරනු ලැබීමෙන් අනතුරුව අදාළ විෂය භාර ඇමැතිවරුන් විසින් පත්වීම් ලබාදෙනු ලැබේ.
රජයේ සංස්ථා හා මණ්ඩල කිහිපයකට ප්‍රධානීන් ගිය සතියේ පත් කරනු ලැබූ අතර මේ සතිය තුළදී අනෙකුත් ආයතනවලටද ප්‍රධානීන් පත්කර අවසන් කෙරෙනු ඇතැයි දැන ගන්නට තිබේ.