(දයාසීලි ලියනගේ)
මහා භාණ්ඩාගාරය සතුව ඇති රජයේ ගිණුම් වාර්තාවෙහි රුපියල් කෝටි 986451ක (කෝටි නව ලක්ෂ අසූහයදාස් හාරසිය පනස් එකක්) මුදලක් ගිණුම් ගත කර නොතිබූ බව වාර්තාවේ.
පසුගිය දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ 2016 වසරේ වාර්ෂික වාර්තාවේ මේ බව සඳහන් කර ඇත.
මෙම මුදලින් රුපියල් කෝටි 33230ක මුදලක් ශේෂ පත්රයෙන් අත්හල ණය ගෙවීම් ලෙසටද, රුපියල් කෝටි 48706ක් ලේඛන ගත නොවූ භාණ්ඩාගාර බිල්පත් වශයෙන්ද සඳහන් කර ඇත.
මීට අමතරව රුපියල් කෝටි 3,32305ක් වටිනාකම ඇති විදේශ ණය වර්ග හතක් ගිණුම් ගත කර නොමැති බවද අනාවරණය වී තිබේ.