මීළඟ කොරෝනා පොකුර මත්පැන්හල් ආශ්‍රිතව


(දයාසීලි ලියනගේ)   

මීළඟ කොරෝනා පොකුර මත්පැන්හල් ආශ්‍රිතව ආරම්භ විය හැකි බැවින් සියලු මත්පැන්හල් හා අවන්හල් වහාම වසා දමන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.   

විශේෂයෙන් ජනතාවගේ ප්‍රතිශක්තිකරණය රැක ගැනීම සඳහා මත්පැන් අලෙවිසල් වසා දමන ලෙසට යෝජනා කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කීය.   


මත්පැන් පාවිච්චියෙන් ප්‍රතිශක්තිකරණය ශීඝ්‍රයෙන් දුර්වල වන අතර කොරෝනා ශීඝ්‍රයෙන් පැතිරී යන මේ කාලයේ ජනතාවගේ ප්‍රතිශක්තිකරණය ඉහළ දැමීම සඳහා දැඩි අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන් බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.   


මත්පැන් අලෙවිසල් වටා විශාල වශයෙන් පිරිස් රැස්ව සිටින ස්වරූපයක් පෙන්නුම් කරන නිසා ඒ තත්ත්වය පාලනය නොකළහොත් තවත් කොරෝනා පොකුරක් බිහි වීමට ඉඩ ඇති බව පෙන්වා දී ඇතැයි වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා අනතුරු අැඟවීය.