දයාසීලි ලියනගේ
පවත්නා අර්බුදකාරී අාර්ථික තත්ත්වය නිසා 2023 වර්ෂයේදී රජයේ වියදම් දැරීම අන්කවරදාටත් වඩා විචක්ෂණශීලීව සිදු කළ යුතු බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය ආයතන
ප්‍රධානීන්ට තරයේ උපදෙස් දී ඇත.
වාර්ෂික අයවැය ඇස්තමේන්තු මගින් වෙන්කර දී ඇති මුදල් සීමාවන් නොඉක්මවන පරිදි වියදම් කළමනාකරණය කර ගැනීම ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ගේ වගකීම බවද ඔහු සඳහන් කර ඇත.
මීට අමතරව වියදම් දැරීමේ ප්‍රමුඛතා අනුපිළිවෙළක්ද සඳහන් කර ඇත. බිල්පත් නිරවුල් කිරීම, අත්‍යවශ්‍ය කටයුතු පවත්වාගෙන යාම, අවසන් කිරීමට ආසන්න වැඩ කොටස් නිම කිරීම, ජනතාවට සිදුවන අපහසුතා මගහැරවීම පිණිස තාවකාලික පිළියම් යෙදීම හා නව බැඳීම් සඳහා වන වියදම් වශයෙන් ප්‍රමුඛතා අනුපිළිවෙළ සඳහන් කර ඇත.
අයවැය ප්‍රතිපාදන සලසා ගැනීමකින් තොරව ඇති කර ගනු ලබන බැඳීම් සඳහා භාණ්ඩාගාරයේ වගකීමක් නොමැති බැවින් එවන් වියදම් සඳහා අදාළ නිලධාරීන් පෞද්ගලිකව වගකිව යුතු බවද සඳහන් කර ඇත.