(නිශාන්ත කුමාර බණ්ඩාර)
යම් යම් ගැටලු පවතින පළාත් පාලන ආයතනවලට තනි පක්ෂයක් ලෙස තරඟ කිරීමට එකඟත්වය පළ වී ඇතැයි ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය පවසයි.
සෙසු පළාත් පාලන ආයතනවලට එක්සත් ජාතික පෙරමුණ සමග ඒකාබද්ධව තරග කිරීමට තීරණය කළ බව එම ෙකාංග්රසයේ ලේකම් නිසාම් කාරියප්පර් මහතා පැවැසීය.
ත්රිකුණාමලය දිස්ත්රික්කයේ ඇතැම් පළාත් පාලන ආයතන කිහිපයකට අපේක්ෂක ලැයිස්තුව සකස් කර ගැනීමට නොහැකි වූ නිසා තනිවම මුස්ලිම් කොංග්රසය ලෙස තරග කිරීමට තීරණය කර තිබේ.
අම්පාර දිස්ත්රික්කයේ මුස්ලිම් බහුතර බලයක් ඇති පළාත් පාලන ආයතන කිහිපයක නාමයෝජනා සකස් කිරීමේ ගැටලුව මත තනිව තරග කිරීමට තීරණය කළ බව ඔහු පැවැසීය.
දිවයිනේ සෙසු පළාත් පාලන අායතනවලට එක්සත් ජාතික පෙරමුණ සමග තරග කිරීමට තීරණය කළ බව ඔහු සඳහන් කළේය.
නාම යෝජනා කිසිවක් ප්රතික්ෂේප වී නොමැති බවත් ඉදිරියේ දී ප්රචාරක කටයුතු ආරම්භ කරන බව ද නිසාම් කාරියප්පර් මහතා පැවැසීය.