මුහුණු ආවරණ මිල පාලනයට ගැසට්ටුවක්


(අජන්ත කුමාර අගලකඩ)

මුව ආවරණ සඳහා පාලන මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරගෙන යන බව වාර්තාවේ.    

ඒ අනුව සායනික මුව ආවරණයක උපරිම සිල්ලර මිල රුපියල් 15 ක් ලෙස ද KN 95 වර්ගයේ මුව ආවරණයක උපරිම සිල්ලර මිල රුපියල් 100 ක් ලෙස ද නියම කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරෙනු ඇත.   
මෙම ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හෙට (30) නිකුත් කෙරෙනු ඇති බව ද වාර්තාවේ.