මුහුදු සීමාවේ ඛනිජ තෙල් ගවේෂණයට නව අධිකාරියක්


(අජන්ත කුමාර අගලකඩ)   

මෙරට මුහුදු සීමාවේ ඇති ඛනිජ තෙල් හා වායු ගවේෂණ කටයුතු විධිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය නමින් නව අධිකාරියක් පිහිටුවීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත.   

එම නව අධිකාරිය පිහිටුවීම සඳහා දැනට ක්‍රියාත්මක 2003 අංක 26 දරන ඛනිජ සම්පත් පනත අවලංගු කර නව පනතක් ගෙන ඒමට බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.  


මන්නාරම් සහ කාවේරි ද්‍රෝණිවල ඇතැයි කියන ඛනිජ තෙල් සහ වායු ගවේෂණය සඳහා ආයෝජකයන් උනන්දු කිරීම සහ ඒවා විධිමත් කිරීම නව අධිකාරිය පිහිටුවීමේ අරමුණ වේ.